මෙතෙක් පැමිණි පිරිසෙන් සංචාරකයන් 78කට කොරෝනා ආසාදිතයි

ඊස්වරන් රත්නම් සහ අශන්ති වරුණසුරිය

පසුගිය දෙසැම්බර් 28 සිට අප්‍රේල් 14වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් පිළිබඳ බැලීමේදී හැත්තෑ අට දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේ දෙසැම්බර් 28 සිට අප්‍රේල් 14 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 11, 961 දෙනාගෙන් 78 දෙනෙකුට පමණක් වෛරසයට අසාදිත බවය.

කෙසේ වෙතත්, සංචාරකයින් සංචාරක බුබුල යටතේ අදාල සෞක්‍ය මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේය. අදාළ සංක්‍යා ලේඛන දත්ත වලට අනුව වෛරස් ආසාදිතයින් ඉතාමත් අඩු ප්‍රමාණයකි.

කෙසේවෙතත් සෞක්‍ය අංශ ගනු ලබන ඕනෑම තීරණයකට අමාත්‍යංශය ලෙස සහයෝගය දක්වන බවද අමාත්‍යවරයා තහවුරු කළේය. සෞඛ්‍ය බලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට නව සීමාවන් පැනවුවහොත් එම සීමාවන් බලාත්මක කිරීමට සංචාරක බලධාරීන් සූදානම් බව රණතුංග මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.