ප්‍රබළ මත් ජාවාරම්කරුවෙක්ගේ නිවසකින් බංකරයක්

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ මුල්ලේරියාවේ පිහිටි නිවසේ භූගත බංකරයක් තිබී ඇති බවට සොයා ගෙන ඇත. අදාල සැකකරු එම භූගත බංකරයේ සැඟව සිට ඇතැයි අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර යන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු “ජීටි“ නමින්ද හැඳින්වේ.

ඉන්දියාවේ දී මියගිය “අංගොඩ ලොක්කා “ නැමති අපරාධකරු මුලින්ම අපරාධ සඳහා යොමු කළ පුද්ගලයා මොහු බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය නොවැම්බර් මස 12 වන දින වැලිගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 112ක් සොයාගනු ලැබු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 9වන සැකකරු අත්අඩංගුවට ගත් “ජීටි“ නැමැත්තා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.