ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි අත්අඩංගුවට

වෛශනී වෙල්රාජ්

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සමග නිරූපණ ශිල්පිනි චුලා පද්මේන්ද්‍ර වද අත්අඩංගුවට ගත් බව මෙම තරඟයේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මයා Colombo Gazette පැවසුවේය.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් Colombo Gazette අප කල විමසීමේදී ඔහුද ඒ බව තහවුරු කළේය.

ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැඳවනු ලැබීමෙන් පසු මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ සිදු වූ ගැටුම් කාරී සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය.

ඇයට කිරුළ පැලඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසිනි.

නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවය.

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.