චමල් සහ සරත් වචන හරඹයක

අද පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. එය දුරදිග යමින් පාර්ලිමේන්තුව කල් දැමිණි.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.

දෙපාර්ශවයේ තත්වය පාලනය කර ගැනීමට ඒ අනුව සභාවේ කටයුතු විනාඩි 5කට අත්හිටුවීමට කථානායක මහින්ද යපා අබේවර්ධන කටයුතු කළා.

සරත් ෆොන්සේකා මහතා – “මට කැලෑ උසාවියකින් යුද හමුදාවේ දඬුවමක් දුන්නා. මාස 8ක් හිරකරගෙන හිටියා. රිමාන්ඩ් භාරයේ. ඒ දඬුවම දුන්නාම අපි උසාවි 3කට ඇපීල් කරා. ඇපීල් 3ම තියෙද්දීත් මට දඬුවම දුන්න දවසේ ඉදලා මෙතෙන වාඩිවෙලා ඉන්න කථානායකවරයා මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නෑ. “

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා – “තමුන්නාසේට පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ මමයි. තමුන්නාසේගේ තීන්දුව පොත්වල තියෙන තීන්දුව සලකා බලලා තමයි කටයුතු කළේ. තමුන්නාසේට දුන්නේ නැද්ද මේකට එන්න. පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ නැද්ද?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.