
මේ ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටී.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නීරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථයකි. දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසදුම් සෙවීමට, වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.
“ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවලදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු සෘජුවම අත්දැකීමට හැකිවූ බව ජනාධිපතිතුමා කීය. සෞඛ්‍ය පද්ධතියේ ජයගතයුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගැනීමට හැකි විය. එම අඩු පාඩු දිගටම පැවතීමට ඉඩ දුනහොත් බරපතළ අහිතකර ප්‍රතිවිපාක උද්ගත විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ග්‍රාමීය වශයෙන් මේ තත්ත්වය ජය ගැනීමේ අවශ්‍යතාව සහ සමස්ත ජනතාවට යහපත් සෞඛ්‍යය සහතික කිරීමට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් සහ සැලකිලිමත් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.
“මහනුවර වෛද්‍ය සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසිය ලබන සිකුරාදා (09) අවසන් වේ. මෙහිදී නව සොයා ගැනීම් සහ විශේෂඥ අත්දැකීම් පිළිබදව අධ්‍යයන පුළුල් විමර්ශණයට ලක් කරේ.