සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් 2021.04.13 හා 14 දෙදින සංචාරක මන්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතුය.
ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර ඇත්තේ 2021. 04. 26 වන දිනට යෙදී ඇති බක් පුර පසලොස්වක පෝය දිනයෙහිදී බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටය.
මෙම කාලසීමාව තුලසිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇති.