කැරොලයින් ජූරි නිහඬතාවය බිඳ දැමීමට සුදානමින්

අශන්ති වරුණසුරිය

ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මිය පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්දයෙන් නිහඬව සිටින අතර ඇය සිය නිහඬතාවය බිදීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජූරි මහත්මියට සමීප ආරංචි මාර්ග කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ කතාවේ ඇගේ පැත්ත හෙළි කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම මේ වනවිට ඇයට ඇයගේ නීතිවේදීන් ලබා දී ඇති උපදෙස් වලට අනුව නිහඬව සිටින බව ද වාර්තා වේ. ආරංචි මාර්ග වලට අනුව, ඇය මහත්මිය හෙට (බ්‍රහස්පතින්දා) මාධ්‍යයට අදහස් දක්වනු ඇතැයි අපේක්ෂා කළ නමුත්, හෙට නැවත පොලීසියට ඉදිරිපත් වීමට නියමිත බැවින් අදහස් දැක්වීමට නිශ්ශිත දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් වාර්තා කිරීම සඳහා ජූරි මිය ඊයේ (අඟහරුවාදා) පොලීසිය හමුවේ පෙනී සිටි අතර හෙට ද නැවත පෙනී සිටීමට නියමිතය.

පසුගිය ඉරිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති විවාහක කිරුළේ තරඟය ජත්‍යන්තරයම අවධානයට ලක්කරන සිදු වීමක් බවට පත් විය. මේ වන විය ජයග්‍රාහිකාව ලෙස පුෂ්පිකා ද සිල්වා මිය ප්‍රකාශයට පත් කර ඇත. චන්දිමාල් ජයසේකර මයා අප කල විමසීමට අනුව පැවසුවේ මෙම තරඟාවලියේ කිසිදු තරඟ කොන්දේසියක් උල්ලංගනය වී නොමැති බවය.

කෙසේ වෙතත්, තරඟාවලිය මතභේදයට තුඩු දුන්නේය. ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්දයෙන් කැරොලින් ජූරි මාධ්‍යට ප්‍රකාශයක් ලබා දෙනු ඇත.

එමෙන්ම මේ වන විට ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කැරොලයින් ජූරිගේ හැසිරීම් මවිතය දනවන්නක් බව සඳහන් කළේය. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.