වතු සේවකයින්ගේ රු.1000 දෛනික වැටුප මෙම මස සිට

වතු සේවකයින්ගේ අවම වැටුප රුපියල් 1000ක් ලෙස ගෙවීමේ තීරණය අප්‍රේල් මස සිට ක්‍රියාත්මක විය යුතු බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

වතු සේවකයින්ගේ අවම වැටුප සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය

වතු සේවකයින්ගේ අවම වැටුප රුපියල් 1000 ක් ලෙස ඉහළ නැංවීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණද, ඊයේ (05) දිනය තුළ අධිකරණය මඟින් ලබාදුන් තීන්දුවට අනුව එම මුදල ගෙවීම ගැටලුවක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

වතු සේවකයින්ගේ අවම වැටුප සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.