පසුගිය මාස 16ක කාලයේදී මධ්‍යම ආණ්ඩුකාර කාර්යාලයේ ලක්ෂ ගණනක මුදල් ඉතිරියක්

තමා පත් වී මාස 16 ක වැනි කාලයක් තුල මධ්‍යම ආණ්ඩුකාර කාර්යාලය තුල ලක්ෂ ගණනින් මුදල් නාස්තිවීම නවතා දැමූ බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටී.

මේ බව ඒ මහතා සදහන් කර සිටියේ මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාර‍යේදී මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු සදහා මුදල් ප්‍රතිපාදන බෙදා දීමේ අවස්ථාන සදහා එක් වෙමිනි. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී එස්.බී. රත්නායක, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි රුපියල් මිලියන 120 ක් පමණ වන ප්‍රතිපාදන බෙදා දීම සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා මධ්‍යම පළාත තුල මහජන මුදල් නාස්තිවීම නවතා දැමීම සිය කාර්යාල‍යෙන් ආරම්භ කළ අයුරු විස්තර කළේය.

ඒ අනුව ආණ්ඩුකාර උපදේශක තනතුර සදහා නිලධාරියෙකු පත් නොකරමින් රුපියල් ලක්ෂ 32ක් ද ලක්ෂ 80 ක වියදමක් ඇස්තමේන්තු කළ කාර්යාලීය ජෙනරේටර අළුත්වැඩියාව   රුපියල් 79 000 කින් සිදු කිරිම, රුපියල් 90 000ක් පමණ වු ආණ්ඩුකාර කාර්යාලයේ විදුලි වියදම රුපියල් 32 0000 ක් දක්වා අඩු කිරීම වැනි කාරණා මෙහිදී එම මහතා උදාහරණ ලෙස ගෙන දැක්විය.

එමෙන්ම ජනතා මුදල් නාස්ති කිරීම් සම්බන්ධයෙන් ද සිය කාර්යාලයෙන්ම විස්තර කිරීමට කටයුතු කළ ආණ්ඩුකාරවරයා සිය කාර්යාලයේ වාහන අංගනය වාහන 06ක් ගාල් කිරීම සදහා අළුත්වැඩියා කිරීමට හැකි මට්ටමට සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 120ක් ද කාණු පද්ධතියේ කොටසක් අළුත්වැඩියාවෙන් පසුව එහි ඉතිරි කටයුතු සදහා සදහා රුපියල් ලක්ෂ 11 ක් ද ඇස්තමේන්තු කර තිබු බවත් එලෙස අනවශ්‍ය පරිදි මහජන මුදල් නාස්ති වීම තමා නවතා දැමූ බවත් පළාත් පාලන ආයතනයක නියෝජිතයකු වශයෙන් පළාත් පාලන ආයතන වල වැදගත්කම තමා හොදින් හදුනන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පාට පක්ෂ භේදයකින් තොරව විධිමත් සැලැස්මක් ඔස්සේ රට සංවර්ධනය කරා යොමුකරවන වැඩපිළිවෙල සදහා ජනතාව තෝරා පත් කළ ජනතා නායකයින් ලෙස පාලත් පාලන නියෝජිතයින් සියලු දෙනා සහයෝගය ලබාදීම අවශ්‍යව පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.