සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් වැඩි බස් රථ සේවා මෙන්ම දුම්රිය සේවාද යොදවා ඇත.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ මගී ජනතාවට බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීම සදහා ලංගම බස්රථ සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කරන බවය.
අවුරුදු සමයේ ප්‍රවාහන පහසුකම් සැපයීමට අදාළව ප්‍රවාහන බලධාරීන් සමග අද දිනයේ සාකච්ඡාවක් ද පැවැත්විමට නියමිතය.
මේ අතර, එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත . ඒ අනුව ප්‍රධාන මාර්ගය හා මුහුදුබඩ මාර්ගය ඇතුළු සියලුම මාර්ගවල විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කෙරෙනු ඇති. ලබන 09 වනදා සිට 18 වනදා දක්වා එම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වේ