තිරිමාදුරගේ සිනමා දිවියට වසර35ක්. චිත්‍රපට සතියක්

රංගන ශිල්පී කුමාර තිරිමාදුරගේ සිනමා දිවියට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් චිත්‍රපට සතියක් පවත්වා ඇත.

සිනමා සතියේ අවසන් දිනයේ ප්‍රදර්ශනය කෙරුණේ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අධ්‍යක්ෂණය කළ ගාමණී චිත්‍රපටය වේ. චිත්‍රපට උළෙල පසුගිය 31 වනදා ආරම්භ විය.

කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණු අතර කලාශිල්පීන් දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූ අතර අවසන් දින චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

අමාත්‍යවරයා අතින් කුමාර තිරමාදුර මහතාට උපහාර තිලිණයක්ද මෙහිදී පිරිනැමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.