චීන ජාතිකයින්ට චීන එන්නත ලබාදීම ඇරඹේ

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබා දීමට කටයුතු යොදා ඇත.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ එම එන්නත් ප්‍රථමයෙන් මෙරට සිටින චීන ජාතිකයින්ට ලබාදීමට නියමිත බවය.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් මෙරටට ගෙනඑනු ලැබීය.

මෙම එන්නත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.