කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (04) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
ඒ අනුව නොර්වුඩ් පොලිසියෙන් කලම්බෝ ගැසට් විමසීමට දන ගැනීමට ලැබුණේ කාසල්රි ජලාශ වේල්ලට පහලින් ඔස්බොන් වත්තට මායිම්ව පිහිටි ඉලුක් සහිත වන වගා රක්ෂිතයකයි ගින්න හටගෙන ඇති බවය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.