පළතුරක් ලෙස ඇඹුල් කෙසෙල් අපනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ. මහා පරිමාණයෙන් ඇඹුල් කෙසෙල් අපනයනය කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර කෙසෙල් අපනයන ව්‍යාපෘතියේ මූලික පියවර අරඹා ඇත්තේ රාජාංගනයෙනි.
එමගින් වෙළෙඳපොළට අවස්ථා වැඩිවී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙනු ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ අනුව රාජාංගනය යාය 2 ප්‍රදේශයේ අක්කර දහසක් කෙසෙල් වගාව සඳහා තෝරා ගෙන තිබේ. එම වගාව නිරීක්ෂණය කිරීමේ අරමුණෙන් විෂයබාර අමාත්‍යවරයා සහ එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා පසුගියදා එම ප්‍රදේශයට ගොස් තිබේ.