විමල්ගේ 11 කල්ලිය වෙනම මැයි දින සැමරීමට සුදානම් ?

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්වී වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම හවුල්කාර පක්ෂ මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා කොළඹදී පැවැති පක්ෂ 11 නායකයන්ගේ විශේෂ හමුවකදීය.

මෙම හමුවට කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ද ශ්‍රීලනිප මහ ලේකම් හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රීන් වන අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරණතුංග, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ඇතුළු පක්ෂ නායකයෝ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම විකල්ප කණ්ඩායම සමඟ මැයි රුලිය සඳහා එක්වීම විශේෂයකි.

ලබන මැයි මස 01 වනදා පොහොට්ටුව ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනම මැයි දින රැලියක් පවත්වන අතර එහි ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 වෙනම මැයි රුලියක් පැවැත්වීමට බලපෑ හේතු කිසිවක් ප්‍රකාශයට පත්වී නැත.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ එළඹෙන මැයි දිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට තිබෙන නව ගමන තවත් ශක්තිමත් වන ආකාරයෙන් පැවැත්වීමට බලාපොරොත්තුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.