ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ තම ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය රජය විසින් ශ්‍රී ලංකාව තුළ රඳවා සිටින ධීවරයින් නිදහස් කිරීමට කටයුතු කළ බවයි.
එන්.ඩී.ඒ බලයට පත්වීමෙන් පසු කිසිදු ධීවරයෙකු ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ නොසිටි බව ඔහු පැවසීය.
ධීවරයින් 40 දෙනෙකු සහ ඔවුන්ගේ බෝට්ටු හතර නිදහස් කර ගැනීම සඳහා මෑතකදී තම රජය ද මැදිහත් වූ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ඉන්දීය ධීවරයින් 40 දෙනා ශ්‍රී ලංකා මුහුදේ නිතිවිරෝධිව මසුන් ඇල්ලිමේදි අත්අඩංගුවට ගෙන ගෙන පසුව ඔවුන් නිදහස් කරන ලදී.
මෝදි මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමින් කන්න්යාකුමාර්හිදි මේ බව කියා සිටියේය.
තමිල්නාඩුවේ සහ කේරළයේ මැතිවරණ අප්‍රේල් 6 වනදා පැවැත්වේ. ඡන්ද ගණන් කිරීම මැයි මාසයේ පැවැත්වේ