තවත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂ්ල්ඩ්ස් එන්නත් තොගයක් ජුනි මාසය වන විට ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, වසංගත හසහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සේරම් ආයතනය මුලින් සඳහන් කළේ එන්නත් මාත්‍රාව ඊළඟ සතිය වන විට ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ දේශීය වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් සපුරාලීම සඳහා ආයතනය විසින් එන්නත් ලබා දීම නවතා දමා ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස දැනට ක්‍රියාත්මක කෝවිඩ් එන්නත් කිරීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව රාජ්‍ය ඇමාතිවරයි පැවසුවාය .
ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත් තොගය ඉන්දියාවේ සේරම් ආයතනය විසින් පිටත් කර යැවූ වහාම එන්නත් කිරීමේ වැඩසටහන නැවත ආරම්භ කරන බව ඇය පැවසුවාය.
කොවිඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රාව දැනට ශ්‍රී ලංකාව සතුව ඇති බව වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය .
මාර්තු 31 සිට එන්නත ලබාගත් පුද්ගලයින්ට ජුනි මාසය වන විට දෙවන මාත්‍රාව ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය