චීන කොවිඩ් එන්නතේ කිසිම තොරතුරක් මෙරටට ලබා දී නැහැ

චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙරටට ලබා දී නැතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙම එන්නත වෛරසයට ප්‍රතිචාර දැක්වීම, කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද කමිටුව දන්වා ඇතැයි ද ඔහු පවසයි.

එම කමිටු විසින් ප්‍රතික්ෂේප කර තිබියදී චීන එන්නත මෙරටට ගෙන්වා ඇති බව මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

නොමිලේ ලබා දෙන්නේ නම් වස වුවද බාර ගන්නේදැයි විමසන මන්ත‍්‍රීවරයා චීන එන්නත ලබා දීම ඉතාම අනතුරුදායක යයිද පැවසීය.

ඔහු මේ බව සඳහන් කළ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.