ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල මෙරට තුළ ඉදිරියටත් සිදුකරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි අවදානම් කලාපවල සිටින පුද්ගලයින්ට සහ සෙසු පිරිසට ඉදිරියටත් කොවිඩ් එන්නත ලබාදීම සිසුකරනු ඇත.
අද (02) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට පැමිණි බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියේය.
මිට පෙර මෙම එන්නත මෙරට ජනතාවට ලබා දිම තාවකාලිකව නරත කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබුණි.