උඩවලව ජලාශයේ බැම්ම අසළින් යන ඕනෑම කෙනෙකුගේ ආදරය දිනා ගනිමින් උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන රම්බෝ නමින් ප්‍රසිද්ධියට පත් වන අලියා වෙනත් ස්ථානයකට රැගෙන යාමේ තීරණය තාවකාලිකව අත්හිටුවා ඇත.
එම වන අලියා සිය වාසස්ථානයෙන් ඉවත්කර හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට උත්සාහ කරන බව පසුගියදා සමාජ ඔස්සේද බෙහෙවින්ම කතාබහට ලක්විය.
දැනට වයස අවුරුදු 50ක් පමණ වන මෙම වන අලියා වනෝද්‍යාන මායිමේ විදුලි වැට ආසන්නයට පැමිණීමට පුරුදුව සිටින්නේ මිනිසුන් ලබාදෙන ආහාර භුක්ති විඳීමේ අපේක්ෂාවෙනි.
නමුත් වන අලියාගෙන් තර්ජනයක් එල්ලවිය හැකි බවට අනුමාන කරමින් මෙම අලියා හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට වනජීවි නිලධාරීන් තීරණය කර තිබේ. නමුත් එම අනාවරණයක් සමග වන අලියා රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා තිබේ.