2020 වසරට අදාළව ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් නිකුත් කර තිබේ.
භාෂණයේ නිදහසට බාධා එල්ලවීම, සිවිල් ක්රියාකාරීන් අත්අඩංගුවට ගැනීම්, අයුතු බලපෑම් සහ අත්අඩංගුවට ගැනීම් වැනි දෑ අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි එහි දක්වා ඇත්තේ.
එමෙන්ම ත්රස්ත මර්දන පණත යටතේ වන ප්රතිපාදන හරහා නීතීඥ හිජාස් හිස්බුල්ලා වැනි අය රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටිම සම්බන්ධයෙන්ද අමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව කණස්සල්ල පළ ඇත.
යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සිදුවීම්වලට අදාළව මේ දක්වා නිසි වගවීමේ ක්රියාවලියක් ආරම්භ කර නොමැති බවද අමෙරිකාව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.