පාස්කු සතියේ ආරක්ෂාවට මෙන්ම අවුරුදු සමයට සෞක්‍ය මාර්ගෝපදේශන

පාස්කු දිනය සැමරීම වෙනුවෙන් ආරක්ෂාව ලබා දීම මෙන්ම මෙන්ම එළැඹෙන අලුත් අවුරුද්දට සෞක්‍ය මාර්ගෝපදේශන මේ වන විට රජය සැලසුම් කර ඇත. ඒ අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ දේව මෙහෙයන් සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කිසිදු බියකින් තොරව සහභාගී වන ලෙසටය.

මේ අනුව පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව විසින් ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදී ඇත. “සෑම ස්ථානයකටම දාන්න බැරි වුණාත් පොදුවේ ප්‍රදේශයේ ආරක්ෂාව සපයන ක්‍රමවේදයක් යටතේ අපි සැලසුම් සකක්කරලා. මේ සතිය පටන් ගද්දිම මේ සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි දින දෙකෙත් මේ ආකාරයෙන්ම ක්‍රියා කරනවා. යනුවෙන් හමුදාපතිවරයා පැවසුවේය.

එමෙන්ම අලුත් අවුරුදු උත්සවය සමයේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් වීමට නියමිතය. ඒ අනුව දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.