දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩාවක් තුළ නවතා තිබු සැකකටයුතු පොල් තෙල් අඩංගු කන්ටේනර් රථයක් සොයා ගෙන ඇත.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලීසියේ කණ්ඩායමක් විසින් පොල් තෙල් අඩංගු එම කන්ටේනර් රථය ඊයේ (01) රාත්‍රියේ පරීක්ෂා කිරීමේදී අදාළ පොල් තෙල් තොඟය ප්‍රවාහනය කිරීමට හෝ ඒවා ගබඩා කිරීමට ලබාදුන් නීත්‍යානුකූල අවසරයක් පත්‍රයක් හෝ කිසිදු ලියකියවිල්ලක් නොමැති බවද ප්රත්යක්ෂ වී තිබේ.
එමෙන්ම ඇෆ්ලටොක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල්තෙල් තොගය දින 03 ක් ඇතුළත ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. තවද වෙළඳපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳ පාරිභෝගිකයින් බිය විය යුතු නොමැති බව ද දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම සාම්පල 05 බැගින් පොල්තෙල් සාම්පල 125 ක් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් ඉන් සාම්පල 55 ක පරීක්ෂණ කටයුතු දැනටමත් අවසන් අතර එම සාම්පලවල ඇෆ්ලටොක්සීන් රසායනිකය අඩංගු නොවන බව පැහැදිලි වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.