ස්වර්ණමහල් ජුවලර්ස්සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අයට අධිකරණය ඇප ලබා දී ඇත
ස්වර්ණමහල් ආයතනය තුළ සිදුවූයේයැයි පැවසෙන මුල්‍ය වංචාවන් සඳහා ව්‍යවස්ථාපිත වැරදි සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව එක් පුද්ගලයා ට රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (01) නියෝග කර ඇත.
යළි ජූනි මස 2 වන දින නඩුව කැඳවීමට නියමිතය