මියන්මාරයේ  හමුදාව ළමුන් 43ක් ඝාතනය කළ බවට චෝදනා

මෙම  වසරේ පෙබරවාරි 01 වනදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මේ දක්වා මියන්මාරයේ  හමුදාව විසින් ළමුන් 43ක් ඝාතනය කර ඇති බව “Save the Children.” සංවිධානය පවසයි.

මෙම තත්ත්වය ගිනි කොනදිග ආසියානු රටක  “බියකරු සිහිනයක” බව එම කණ්ඩායම පවසයි.

මෙහිද වයස අවුරුදු 7 ක දරුවකු ඝාතනය කර ඇති අතර එයට විරෝධය පල කරමින් එරට වැසියන් නිහඩ විරෝධතාවයකද  නිරතවිය.

මියන්මාර් හමුදා කණ්ඩායම සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් මේ දක්වා එරට සාමාන්‍ය වැසියන් 536ක් ඝාතනය වී ඇත් බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.