අන්තවාදී මතවාදයන් විකාශනය කළ පිරිසක් අත්අඩංගුවට

සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් විසින් අත්අඩංගුවට පත්ව ඇත.

පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙක් බව පොලිසිය පවසයි.

2018 වසරේ අවසන් කාලයේ දී මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ (31) දිනයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් විසින් 2018 දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා එලෙස පන්ති පවත්වා ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව්දෙනා ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.