60%ක් වු වනගහනය 28% වුයේ GR ධූර කාලයේදීද ?

මෑත කාලීනව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයන්හී ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇති වන විනාශය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා මෙලෙස සිය අදහස් දැක්වීම සිදු කළේය.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණීමත් සමග “සෞභාග්‍යය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයානූකූලව කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ වූවත් රට සංවර්ධනය කරා ගෙනයෑමේ වැඩපිළිවෙල සාර්ථක අයුරින් ක්‍රියාවට නැංවීම සිදුකළා. ‍මෙහිදී විපක්ෂය ඇතුළු විවිධ පාර්ශවයන්ට මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන අතරතුරදී විවිධාකාර වු සාවද්‍ය මත ගොඩනගමින් මෙම ගමන නවතා දැමීමට උත්සහා දැරීම් සිදු කළා.

එහි තවත්  පියවරක් ලෙස   60%ක් පමණ වු ශ්‍රී ලංකාවේ වන ගහනය 28%ක් දක්වා වු ප්‍රමාණයක් දක්වා වර්තමානය වන විට අඩුවීමක් සිදු වී ඇති බවත්, එම සම්පූර්ණ වන විනාශය අතිගරු ජනාධිපතිතුමාගේ වසරක් ඇතුලත කාලය තුල සිදුවුවක් බවටත් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ඒ තුලින් මහජන මතයක් ගොඩනැගීමට  උත්සාහ දැරීමක් අපට දක්නට ලැබෙනවා.  එය සම්පූර්ණයෙන්ම අසත්‍ය වූත් පටු දේශපාලනික අරමුණු තකා ගොතන ලද කතාවක් බවත් මා කිව යුතුයි. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය කිසිවෙටක පරිසර විනාශය අනුමත කරන්නේ නෑ.

අප දන්නවා  පෙර පැවති රජයේ ඇතැම් අමාත්‍යාවරුන් හන්තාන වැනි රක්ෂිත වල පවා ඇති රක්ෂිත ඉඩම් පවරාගැනීමට කටයුතු කර තිබුනා ඔවුන් එම චෝදනා පිළිගැනීමත් සිදු කළා. මෙවැනි වන විනාශයන් කාලන්තරයක් තිස්සේ පැවතිීම හේතුවෙන් තමා මෙම වන ගහනය මෙතරම් ප්‍රතිශතයකින් අඩුව තිබෙන්නේ. මෙම වන විනාශයන් නැවැත්වීම සදහා තමා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා‍ පියවර ගත්තේ.  වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්වීමත් සමග නිලධාරීන්ට සෘජුව තීරණ ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. අපි දන්නවා වර්තමානයේ වන විනාශයන් යම් ප්‍රමාණයකට සිදුවන බව එම වන විනාශයන් වැලැක්වීම සදහාත් ජනාධිපතිවරයා දිස්ත්‍රීක් ලේකම්වරුන්ට ආණ්ඩුකාරවරුන්ට අවශ්‍ය බලතල පසුගිය දා ලබාදීම සිදු වුනා.

හන්තාන වැනි රක්ෂිත කලාප රැකගත නොහැකිවුවහොත් ඉදිරි අනාගතයේදී විශාල ගැටලු වලට මුහුණ දීමට සිදුවන බවත්, මේ වන විට හන්තාන ජල ටැංකියේ ජල ධාරිතාවය පහල ගොස් ඇති බැවින් එය දිගින් දිගටම එසේ සිදුවුවහොත් මහනුවර නගරයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවලට පවා ගැටලු කාරී තත්වයක් ඇති විය හැකි බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දීම සිදුවිය.

නව පරිසර මෙහෙයුම් ඒකකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, මධ්‍යම පළතේ කිසියම් ස්ථානයක පරිසරයට හානි වන ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු වන්නේනම්, මෙම නව ඒකකය වෙත තොරතුරු ලබා දිම සදහා ජනතාවට හැකියාව පවතින බවයි. එලෙස ජනතාව විසින් යොමුකරන  තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමටත්, එම තොරතුරු  හා මෙම නව ඒකකය  වෙත යොමිකෙර පැමිණිලි පදනම් කරගනිමින්  කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම කටයුතු කරනු ලබන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ  කළේය.

ඒ අනුව මධ්‍යම පළාතේ කිසියම් ස්ථානයක පරිසරයට හානි වන ආකාරයේ ක්‍රියාකාරකමක් සිදුවන්නේනම් දුරකථන අංක 070 4702500  හෝ 081 4953248 අංකය ඔස්සේ දුරකථන ඇමතුම් මගින්  එසේත් නැතිනම් Whatsapp හෝ Viberමගින් එම තොරතුරු මධ්‍යම පළාතේ දුරස්ථ මෙහෙයුම් ඒකකය (DOS) ඔස්සේ මෙම නව ඒකකය වෙත ලබාදීමට ජනතාවට  හැකියාව පවතන බව මධ්‍යම පළාතේ ජනතාව පරිසරය සම්බන්ධයෙන් තමාට ඇති වගකීම තේරීම්ගෙන රජයේ පරිසරය ආරක්ෂාකරගැනීමේ වැඩපිලිවෙල සදහා සහාය ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.