වෛරසය විකෘති වීමෙන් ඉන්දියාවේ කොරෝනා දරුණු වෙයි

ඉන්දියාවේ කොරෝනා තත්ත්වය වඩාත් දරුණු වී ඇති බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව වෛරසය විකෘතිතාවයට පත් වී පැතිර යාම හේතුවෙන් තත්ත්වය වඩාත් දරුණු වී ඇති බව ඔවුන් පවසයි.

පසුගිය සති කිහිපයක කාලය තුළ වෛරසය පැතිරීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි. පන්ජාබ් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීම හෝ පරික්ෂණ ඉහළ නැංවීමක් සිදු කර නොමැති බව සදහන් වේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 03 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර පසුගිය සදුදා දිනයේ ඉන්දියාවෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 68000 ක් වන අතර පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 53,158 ක් සහ මරණ 355 ක් වාර්තා වී ඇති බව ඔවුන්ගේ දත්ත වල සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.