අශන්ති වරුනසුරිය
උත්සව සමයේ යතුරුපැදි අනතුරු අවම කර ගැනීම සඳහා අද සිට දින 4ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක වේ. එහිදී යතුරුකරුවන් විශේෂ පරික්ෂාවකට ලක්කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ගතවූ පැය 24 දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු 08 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. එම රිය අනතුරුවලින් මියගිය පුද්ගලයින් අතර පදිකයින් දෙදෙනෙක් සහ යතුරු පැදිකරුවන් තිදෙනෙකු ද වේ.
මේ දිනවල යතුරු පැදි අනතුරුවල දැඩි වර්ධනයක් දැකිය හැකි බව ද පොලීසිය පවසයි.