එක්සත් ජාතික පක්ෂයේ බෙලිඅත්ත හිටපු සංවිධායක වෛද්‍ය දෘවීන්ද්ර අතපත්තු මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක් විය.
ඒ අනුව, ඉදිරියේදී ඒ මහතා සමගි ජන බලවේගය සමග එක්ව දේශපාලන කටයුතු කිරීමට තීන්දු කර ඇත. ඔහු හිටපු කෘතහස්ත දේශපාලනඥයෙකු, හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ දොස්තර රංජිත් අතපත්තු මහතාගේ පුතණුවන් ය. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේද පැසසුමට ලක්වූ එම ආයතනයේ අධ්යක්ෂවරයකු ලෙසද දොස්තර රංජිත් අතපත්තු මහතා කටයුතු කළේය. හිටපු රාජ්‍ය උප ඇමැති ඩී. පී. අතපත්තු මහතා වෛද්‍ය දෘවින්ද්ර අතපත්තු මහතාගේ සීයා ය.
තවද සීතාවක නගර සභාවේ හිටපු නගරාධිපති ලාල් පිංතු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වී ඇත. 1997 සීතාවකපුර නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තේරී පත්වූ ඒ මහතා පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී එජාපය නියෝජනය කරමින් නගරසභා මන්ත්‍රීවරයෙකු ලෙස පත් විය.