කොරෝනා මැඩපැවැත්වීමට ලංකාවට කොරියාවේ සහාය

කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා කොරියාව ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය පවසයි.

කොරියානු තානාපති කාර්යාලය විසින් නැවත භාවිතා කළ හැකි මුඛ ආවරණ ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කර ඇත. කොරියානු තානාපති කාර්යාලයේ කොන්සල් ජනරාල් ජුන් හසුන්ග් විසින් නැවත භාවිතා කළ හැකි මෙම මුඛ ආවරණ තොගය රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ඒ.එස්. ප්‍රියන්ත මහතාට ලබා දී ඇත.

පොලිස් බලකායන් නිරෝගීව සිටීම අතිශයින්ම වැදගත් වන අතර පොලිස් ස්ථාන තුළ වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ උපකාරී වන බව ද පවසමින් කොවිඩ් -19 වසංගතයට සාර්ථකව මුහුණ දීම සඳහා පලදායි පියවරයන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග් ප්‍රශංසා කළේය.

ශ්‍රී ලංකාවේ වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා වෙහෙස නොබලා දැරූ උත්සාහය ගැන ඔහු ශ්‍රී ලංකාවේ සමස්ත COVID විරෝධී කණ්ඩායම අගය කළේය. කොරියානු ජනරජය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් මෙම වසංගතය මඟහරවා ගැනීම සඳහා එක්ව කටයුතු කරන බවත් තානාපතිවරයා සහතික විය.

තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා දෙරටේ පොලිස් බලධාරීන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සංවාදයක් ඇති කරන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පරිත්‍යාගය ලබා ගනිමින් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ජී.ඒ.එස්.ප්‍රියන්ත මහතා කොරියානු තානාපති කාර්යාලයට සිය ස්තුතිය පළ කළ අතර ශ්‍රී ලංකා පොලිස් බලකායට සහය දැක්වීමක් ලෙස සුහදතාව දැක්වීම ගැන තානාපතිවරයාට ස්තූතිය පුද කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.