චීන සිනොෆාම් දිවයිනට

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක තොගය චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ළඟා වී ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු එම එන්නත් තොගය භාරගැනිම සිදු කළේය.

මේ අතර “සිනොෆාම්“ එන්නත පළමු අදියර යටතේ මෙරට වෙසෙන චීන ජාතිකයින් සඳහා දිවයිනේ ස්ථාන 04කදී ලබාදීමේ කටයුතු සිදුකිරිම එළඹෙන සතියේ සිට ආරම්භ කරන අතර ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම හා හම්බන්තොට යන ස්ථානයන්හි දී චීන ජාතිකයින්ට එන්නත් ලබා දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.