බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුව අට දෙනා ඇප මත මුදාහරින්නේ ද නැත් ද යන තීන්දුව අප්‍රේල් මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.
2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.98ක් බැඳුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා 32 ක් යටතේ නීතිපතිවරයා විසින් මේ මෙම නඩුව ගොනු කර තිබේ.
එදින තෙක් රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය. එහිදී විත්තිකරුවන් විසින් සිදුකළ ඇප ඉල්ලීම්වලට අදාළව කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විත්තිකරුවන් ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු වශයෙන් තමන්ට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳ විස්තර දිවුරුම් ප්‍රකාශ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.
කෙසේවෙතත් එම රෝගී තත්ත්වයන් තහවුරු කිරීමට අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නොමැත. එම නිසා ඇප සලකාබැලීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙන එම කරුණු ප්‍රමාණවත් නොවන බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවට යොමු කර පරික්ෂා කරන ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා විසින් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.