ස්වර්ණමහල් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් නැවත රිමාන්ඩ්

ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්) සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් නැවත රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අනුව ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය අප්‍රේල් 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය මාර්තු 16 වන දින අත්අඩංගුවට ගත් අතර නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.