කොවිඩ් මරණ සංඛ්‍යාව 566 යි

තවත්  කොවිඩ් -19 රෝගීන් 05 දෙනෙකු  මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 566ක් දක්වා ඉහළගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඇතුල්කෝට්ට ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.