දකුණු ඇමරිකානු රටවල් සමග ඇති කරගත් එකගතා අනුව එම රටවල් ආශ්‍රිතව සහ ආසන්න අන්තර් ජාතික මුහුදේ චීනය විසින් සිදුකරන මසුන් මැරීම් පිලිබදව ඇමරිකාවේ අවධානය යොමු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය පාලනය කිරීම සදහා දකුණු ඇමරිකානු රටවල් සමග ඒකබද්ධ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අවධානය යොමුකොට ඇති බවයි.
සුලු ආර්ථික ප්‍රතිලභ මත අදාළ දකුණු ඇමරිකානු රටවල් මෙම මසුන් මැරීම සදහා සහය දක්වන බව ඇමරිකාවේ මතය වී තිබේ.
එහෙත් මෙය කලාපයේ ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන,බව ඇමරිකාවේ මතයයි.
දකුණු චීන මුහුදේ තවත් කුඩා දූපතක් චීනයේ ග්‍රහණයට
අයිතිය පිළිබද ආන්දෝලනයකට තුඩුදී ඇති දකුණු චීන මුහුදේ පිහිටි ස්පාට්ලි දූපත් පරයේ තවත් කුඩා දූපතක් චීනය විසින් අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අක්කර හතක පමණ විශාලත්වයෙන් යුත් මෙම දූපතේ අයිතිය තමන්ට හිමිවිය යුතු බවට පිලිපීනය මෙන්ම වියට්නාමයද ප්‍රකාශ කර තිබිණ.
එසේ තිබියදී චීනය මෙම දූපතේ සිය ග්‍රහණයට ගෙන ඇති අතර ඊට අදාළ චන්ද්‍රිකා ඡායාරූප රැසක් මේ වන විට ඇමරිකාව විසින් නිකුත් කර තිබේ.
චීනයේ මෙම පියවරත් සමග දකුණු චීන මුහුදේ පිහිටි කුඩා දූපත්වල අයිතිය සම්බන්ධයෙන් කලාපයේ රටවල් අතර පවතින අර්බුදය තවදුරටත් උණුසුම් වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.