ජනාකීර්ණ මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවති.
මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බවයි වැඩිදුරටත් වාර්තා වේ. මෙම පහරදීම සිදුකළ බව කියන මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් නියෝග කර ඇත.
මෙම ලොරි රථ රියැදුරා විසින් මහරගම පොලිසියට අනියුක්ත රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති බවද වාර්තා වේ. අනතුරට ලක්වූ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.