පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන විට කල යුතු දේ ගැන අගරදගුරු පදවියෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන එළඹෙන අප්‍රේල් මස 21 වන දිනට පෙර පහත ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට හෝ ඊට අදාළ මුල් පියවර හෝ ගැනීමට කටයුතු කළ යුතු බවයි අගරදගුරු පදවි ප්‍රකාශ කමිටුව පවසයි.

වසර 02 ක් ගතවී ගොස් ඇතත්, ඒ මහා විනාශය සිදුකළ අය සොයාගන්නට සහ දඬුවම්දිමට නොහැකිවීම පුදුම දනවන ප්‍රෙහේලිකාවක් බවද ඒ අනුව අදාළ ආයතනවල කාර්යක්ෂමතාවයට බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් ජනති වී ඇති බවද අගරදගුරු පදවි ප්‍රකාශ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම තත්ත්වය තුළ සත්‍ය හෙළිදරව් කරවා ගැනීමට ගෙන යන විරෝධතා ක්‍රියාමාර්ග තවත් ශක්තිමත්ව රටපුරා ව්‍යාප්ත කිරීමට අදහස් කරන බව ද අගරදගුරු පදවි ප්‍රකාශ කමිටුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව පවතින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්පූර්ණයෙන් තහනම් කොට, ඔවුන්ට සම්බන්ධ විදෙස් අනුග්‍රහකයන් හා වෛරය වපුරන දේශකයින් හඳුනාගෙන ඔවුන් මෙරටින් නෙරපා හැරීමට කටයුතු කරන්නැයි අගරදගුරු පදවි ප්‍රකාශ කමිටුව ඉල්ලීමක් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කමිටුව පවසා ඇත්තේ ඇතැමුන් විසින් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා වී ඇති බවත් විවිධ වර්ගවල අවි ආයුධ අත්අඩංගුවට ගන්නා ලෙස ද අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණය කරන මූල්‍යේ යමය ප්‍රතිපාදන, චංචල හා නිශ්චල දේපළ කඩිනමින් රාජසන්තක කරන ලෙස ද ඉල්ලා සිටින බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.