කෝවිඩ් ආසාදිත ළදරුවාගේ ආදාහනය පිළිබඳ නඩුවෙන් විනිසුරුවරයා ඉවත් වේ

කෝවිඩ් 19 ආසාදනය වී මියගිය දින 20 ක් වයසැති ළදරුවා ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 25 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

මෙම පෙත්සම අද (29) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විනිසුරු යසන්ත කෝදාගොඩ පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව දැනුම් දී තිබිණි.

තම පියා වෛද්‍යවරයකු ලෙසට කටයුතු කර ඇති බැවින් මෙම පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව කෝදාගොඩ මහතා දැනුම් දුන්නේය.

මියගිය ළදරුවාගේ දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මීළඟ දින සලකා බැලීමට නියමිතය.

පෙත්සම්කරුවන්ගේ දරුවා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම මගින් ඉල්ලා සිටින අතර දෙමව්පියන්ගේ කැමැත්තට පරිබාහිරව දරුවාගේ සිරුර ආදාහනය කළ බව පෙත්සම්කරුවන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.