සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මගීන් ප්‍රවාහනය නොකරන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
මේ වනවිට එලෙස මගින් ප්‍රවාහනය කරන බස් රථ ගැන විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.
එසේම බස් රථ සෞඛ්‍ය උපදෙස් කඩකරමින් මගීන් රැගෙන යන බවත් එය ගැටලුවක් වෙලා. ඒ ඉවට පත්නිව ඇති නිසා ලබන සතියේ සාකච්ඡා කරලා මේ ගැන තීන්දුවක් ගන්නා බවද ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
කොවිඩ් -19 වසංගත තත්ත්වයත් සමග පොදු ප්‍රවාහන සේවා සඳහා ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයායුතු බවට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය.
නමුත් පසුගිය කාලයේ බස් රථ එම නිර්දේශ උල්ලංඝණය කරමින් මගින් ප්‍රවාහනය කිරිමට කටයුතු කළේය.