විස පොල්තෙල් ගෙන්වූ හොරු ආණ්ඩුව රකින බවට ජවිපෙන් චෝදනාවක්

අශන්ති වරුනසුරිය

මෙරටට ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සින් නම් පිලිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉකුත්දා තහවුරු කළේය.

එසේ තහවුරු කල තිබියදීත් මේවා ගෙන්නුවේ කවුරුද යන්න ආණ්ඩුව හෙළි නොකරන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරයි. මේ පිළිබඳව කලම්බෝ ගැසට් වෙත අදහස් දක්වමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙලෙස හෙළි නොකිරීමෙන් මේවාට දේශපාලනයේ ද සම්බන්දයක් තිබෙන බවට සැකයක් ඇති වන බවය. නියම වරදකරුවන් යන්න රජය ජනතාවට හෙළි කල යුතු බවද ඔහු අවධාරණය කළේය.

පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් දිගින් දිගටම පැවසුවේ විස පොල්තෙල් මේ වන විටත් වෙළද පොලට නිකුත් වී ඇති බවය. කෙසේවෙතත් විස පොල්තෙල් සොයා පරික්ෂා කිරීම් දිගටම සිදුවන අතර එලෙස පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ ආනයනික පොල්තෙල් ගබඩා කර ඇති ගබඩා තුනකට ඊයේ මුද්‍රා තබා ඇත.

කෙසේවෙතත් ඉන්දික අනුරාධ මහතා මාධ්‍ය හමුවකදී පවසා තිබුනේ ඉතිහාසයේ සිට ජාවාරම් කරන ආයතන තිබු බවත් එවන් කිසිවෙකු සිටිනවා නම් තරාතිරම දේශපාලනය නොතකා ජාවාරම් වලට අනිවාර්යෙන් ජනාධිපතිවරයා නිසි දඩුවම් ලබා දෙන බවය.

පොල් සංවර්ධන මණ්ඩලය ඇතුලු ආයතන කිහිපයක් වෙත ඒවා ලබා දී ඇති බවත් පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන බව අධිකාරිය පවසයි. වෙළදපොලේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත් දැයි සොයා බැලීම සදහා සාම්පල 100ක් මේ වන විට පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.