අසාත් සාලි සම්බන්ධයෙන් මුස්ලිම් කවුන්සිලයෙන් පොලිස්පතිට ලිපියක්

හිටපු ආණ්ඩුකාර අසාත් සාලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (එම්.සී.එස්.එල්) පොලිස්පතිට ලිපියක් යවා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාත් සාලි අත්අඩංගුවට ගෙන තිබීම මුස්ලිම් ප්‍රජාව කම්පනයට පත් කරන බව මුස්ලිම් කවුන්සිලය පවසයි.

ඔහු සෑම විටම ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා ත්‍රස්තවාදය හෙළා දැක තිබෙන බවද ඔවුන් පවසයි. 21/4 අවසන් වූ විගසම ඔහු සහරාන් ත්‍රස්තවාදියාට ඇඟිල්ල දිගු කළ අයගෙන් කෙනෙකු වන අතර සමහර අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ඔහු විසින් කරන ලද පැමිණිලි ගණනාව බලධාරීන්ගේ අවධානයට යොමු විය.

අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාලි වැරදිකරු නොවන්නේ නම් නිදහස් කරන ලෙස මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.