බස්නාහිර පළාත් මහ ඇමති අපේක්ෂකත්වය හිරුණිකාට ?

සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහඇමති අපේක්ෂකත්වය එම පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රභල ක්‍රියාකාර්ණියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

පළාත් සභා මැතිවරණය සඳහා එම පක්ෂය නියෝජනය කරමින් අජිත් පී පෙරේරා, චතුර සේනාරත්න, සුජීව සේනසිංහ, ඒ එච් එම් ෆවුසි වැනි නායකයින් ගණනාවක්ද තරඟ කිරීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

නමුත් මේ වනතුරු මහ ඇමති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට සමඟි ජන බලවේගය ක්‍රියාකර නොමැත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ අතර එහිදී පරාජයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.