විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරුවන්, 6 දෙනෙක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔවුන් සම්බන්ධයෙන් අදාළ රතු නිවේදන ද මේ වන විට ලබා ගෙන ඇත. එමෙන්ම හෙරොයින් සමඟ සැකකරුවන් හය දෙනෙක් ග්‍රෑන්ඩ්පාස්, බොරැල්ල සහ තලංගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 155 ක් සොයා ගත් බවයි පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතය.