
ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂය ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරමින් සිටින බවත් එළැඹෙන 30 වනදා වැඩිදුරටත් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග වල අවසන් තීරණයක් ගන්නා බවත් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
කැබිනට් මණ්ඩලය තීරණයක් ගත් පසු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. නව ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා අද 26 ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදීමට කටයුතු කර ඇත.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපක්ෂපාති, අවාසි තීරණයක් කිසිවිටකත් නොගන්නා බවද පක්ෂ මහලේකම්වයා අවධානරය කළේය.
එමෙන්ම මේ වන විට ශ්‍රීලනිපයේ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ අදහස් භාරදීමටත් කටයුතු කර ඇත.
මනාප ක්‍රමය පිළිබඳව එදා සිට තිබෙන ගැටළුව ආකාරයෙන්ම තාබා ගනිමිනි ඒ මතයේ සිට සාකච්ඡා ගණනාවක් සිදු කල නමුත් අවසන් තීන්දුවකට තවම එළඹී නැති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේ