ත්‍රස්තවාදී මතවාද පැතිරවූ දෙදෙනෙක් අත්අඩංගුවට

අන්තවාදී මත පැතිරවීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

46 හැවිරිදි එක් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද පුද්ගලයෙකු බවද අනාවරණය වී ඇත.

ඔහු විදේශගතව සිටියදී අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ විවිධ ආකාරයේ මතවාද ප්‍රචාරය කිරීමට කටයුතුකර තිබෙන බවද ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ මුදල් එකතු කිරීමටද ඔහු කටයුතුකර තිබේ.

මේ අතර ඊයේ (25) දිනයේදී මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කර තිබූ පුද්ගලයෙකි. මඩකලපුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවටගෙන ඇත.

සැකකරු කොළඹට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.