ඉන්දික ශ්‍රී අරවින්ද
සිංහරාජ කිසිම අවස්ථාවක වන විනාශයක් සිදු නොවන බවත් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති එම වනාන්තර කිසිම අවස්ථාවකින් එම ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට තරම් සාධක ලැබී නොමැති බවත් මෙරට පිහිටුවා ඇති ශ්‍රී ලංකා යුනෙස්කෝ (UNESCO) ජාතික කොමිෂන් සභාව පවසයි.
මේ වනවිට මාධ්‍ය වාර්තා කරන ආකාරයේ වන විනාශයක් සිංහරාජ වනාන්තරය තුළ සිදුව නොමැති බවත් හුදෙක්ම එය අසත්‍ය මාධ්‍ය වාර්තා පමණක් පදනම් කරගෙන සිදුවන සිදුවීම් බවයි ශ්‍රී ලංකා යුනෙස්කෝ (UNESCO) ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මිගස්වත්තේ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ.
ඒ අනුව එලෙස නම් කරනු ලැබූ ලෝක උරුමයක් පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවත් එවැනි විනාශයන් යළි නිවැරදි කිරීම රජය විසින් සිදු කළ හැකිය.
යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් නම් කරන ලද ලෝක උරුමයක් එම ලැයිස්තුවෙන් ඉවත් කරන්නේ නම් වසර 4ක පමණ කාලයක් යන බවත් ඒ සඳහා වෙනම සමාලෝචනයක් එම සංවිධානය විසින් සිදු කෙරෙන බවත් ඔහු පැවසිය.
එහෙත් සිංහරාජ වනාන්තරය විනාශ වීම සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් මේ වනතුරු මෙරට පිහිටුවා ඇති ශ්‍රී ලංකා යුනෙස්කෝ (UNESCO) ජාතික කොමිෂන් සභාව වෙත ලැබී නොමැත.
මේ වනවිටත් රජය විසින් එවැනි වන විනාශයක් පිළිබඳව තම සංවිධානය දැනුවත් කර නොමැති බවත් ඒ පිළිබඳව රජය පැහැදිලි කිරීමක් සිදුකිරීම මේ අවස්ථාවේදී සිදුකළ යුතු බව ආචාර්ය මිගස්වාත්තේ මහතා අවධාරණය කරයි.
මෙයට පෙරදී ගාල්ල බලකොටුව සම්බන්ධයෙන් ගැටළුවක් පිළිබඳව යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ අවදානය යොමු වී තිබු අතර එය නිවැරදි කිරීමට කටයුතු සිදුකළ නිසා එය ලෝක උරුමයෙන් ඉවත් වීම වැළකුණු බව ශ්‍රී ලංකා යුනෙස්කෝ (UNESCO) ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මිගස්වත්තේ මහතා වැඩිදුරටත් පැවසිය.
මේ වනවිට යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන 8ක් ලෝක උරුමයන් ලෙස නම් කර තිබේ.
ඒ අනුව පොළොන්නරුව (1982), සීගිරි නගරය (1982), රන්ගිරි දඹුලු විහාරය (1991), ගාලු නගරය සහ බලකොටුව (1988), පූජනීය අනුරාධපුර නගරය (1982), පූජනීය මහනුවර නගරය (1988), සිංහරාජ වන රක්ෂිතය (1988) සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ උස්බිම් (2010) ජගත් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත.