චීනය සමග ඇමරිකාව තරඟයකට සුදානම්

අමෙරිකාව චීනය සමග ගැටුමක් ඇති කර ගැනීමට සූදානම් නොමැති නමුත් දැඩි තරගයකට සූදානම් බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

සිය ප්‍රථම ධවල මන්දිර ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් අමෙරිකා ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් පසු තමන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාවේ නිරත වූ බව බවද ජනාධිපති ජෝ පවසා ඇත.

චීනයේ අභිලාෂය වන්නේ ලෝකයේ ප්‍රමුඛ රට මෙන්ම බලවත්ම රට බවට පත්වීම බව තමා විශ්වාස කරන බවත් එය නතර කිරීමට තමා ප්‍රතිඥා දී ඇති බවද ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.