කලම්බෝ ගැසට් යාපනය වාර්තාකරු
කෝවිඩ් අසාදිතයින්ගේ ගණන ඉහළ යාමෙන් පසු දින 10ක් මුළුල්ලේ යාපනය ප්‍රදේශ කිහිපයක් හුදකලා වී ඇත. සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ යාපනය රෝහල සහ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල ඇති සියලුම වෙළඳසැල් වසා ඇති බවයි.
ප්‍රධාන යාපනය බස් නැවතුම්පොළ සහ යාපනය නගරය අවට මාර්ග කිහිපයක් වසා දමා ඇත. ඊයේ (බ්‍රහස්පතින්දා) යාපනයේ කොරෝනා වෛරසය සඳහා පුද්ගලයින් 77 දෙනෙකු පමණ ධනාත්මක බව සිදුකල පරීක්ෂා කිරීම් වලින් තහවුරු වූ ඇත. වැඩිදුර දැනුම් දෙන තුරු යාපනයේ මංගල උත්සව, රැස්වීම් සහ වෙනත් උත්සව තහනම් කර ඇත. යාපනයේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වන පිරිස සඳහා ද සීමාවන් පනවා ඇත.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 166 දෙනෙකු අද (26) දිනයේත් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 91,455ක් දක්වා ඉහළගොස් ඇත.