රවී ඇතුළු 7දෙනා තවදුරටත් රිමාන්ඩ්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනා මාර්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන් චෝදනා ලබා සිටී.

මෙම විත්තිකරුවන්ට ඊයේ (25) චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇපමත මුදාහැරීමට අනුමැතිය පළ නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.